Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් සහ අනුර කරන කුමන්ත්‍රණය ගැන සජිත් කතා කරයි.

රනිල් සහ අනුර කුමාර එකතුවෙලා, සමගි ජන බලවේගය පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බවත්, එම කුමන්ත්‍රණවලට සමගි ජනබලවේගය වටා රැස්ව සිටින ජනතා රැල්ල නතර කළ නොහැකි බවත්, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේ, 17දා සවස කෑගල්ලේ පැවති මහා ජන රැළියකදීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. මට ආරංචියි අනුර මෙතන ඇවිත් රැස්වීමක් කළා ලු. හැබැයි තනියම ලු ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ නැහැලු. දැන් දෙන්නම ඩීල් එකක් දාගෙන. කොහොම හරි සජිත් ප්‍රේමදාසව පරද්දන්න ඕනේ. ඇයි ?. ඒගොල්ලෝ සජිත් ට බයයි. මට කා සමගවත් ඩීල් එකක් නැහැ. මට තියෙන්නේ ජනතාවගේ සමාජ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය. රට ගොඩ නගන අවශ්‍යතාවය වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවෙලා වැඩ කරනවා. සැප්තැම්බර් 21 වෙනිදා දුරකථනයට ඔබේ වටිනා ඡන්දය ලබාදී ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගන්න සහය ලබාදෙන්න. ඒ සඳහා රටපුරා ජනතාව අප සමග අත්වැල් බැඳගන්නවා.

Related posts

පක්ෂ නායකත්වය දැනගැනීමට තව ටික වෙලාවක් ඉවසන්න [VIDEO]

Mohamed Dilsad

US to sanction Russia over Skripal attack

Mohamed Dilsad

ගූගල් සිතියමේ “ඒ” සහ “බී” මාර්ග යාවත්කාලීන කරයි…

Editor O

Leave a Comment