Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය හේතුවෙන් සියලු පාසල් 20 වෙනිදා නිවාඩු

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 20 වන දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ලබන 23 වැනිදා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු ඇත.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් ලබන19 වැනිදා පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතුය.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු දැනුම්වත් කර තිබේ. මීට අමතරව, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇත.

ඊට අදාළ නිවේදනය පහතින්

Related posts

கண்ணடித்த நடிகை படத்துக்கு சிக்கல்

Mohamed Dilsad

A Security Personnel shoots himself at Temple Trees checkpoint

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment