Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් විසින් පරිගණක අපරාධ සඳහා යොදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු  ඊයේ(05) දිවයිනට පැමිණියහ.

මීට දින කිහිපයකට පෙර එම පිරිස මුදවා ගත් අතර, ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ, එම පිරිස තායිලන්තයේ බැංකොක් සිට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ සිටින අතර, එම පිරිස,  චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගන්නා බවට අනාවරණය වී තිබේ.

එම පිරිසෙන්, 8 දෙනෙකු මීට පෙර මුදවා ගත් අතර, තවත් 33 දෙනෙකු මියන්මාරයේ මියාවඩි නගරයේ සිට කිලෝමීටර 26 ක දුරකින් එම අපරාධ කල්ලි ග්‍රහණයේ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

“Bombings in Lanka signalled new type of terrorism threat in South Asia” – Nepal Defence Minister

Mohamed Dilsad

ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

එජාප මැද කොළඹ සංවිධායක ඇප මත මුදා හැරේ

Editor O

Leave a Comment