Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් සහ සජිත් එකතු වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් ඇතැයි වාර්තාවේ. එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කරමින් එම විරෝධතාව පැවැත්වීමේ අරමුණ බවද සඳහන්.

එම අදහස දරන පක්ෂ දෙකේම පිරිස් විසින් මෙම විරෝධතා සංවිධානය කරනු ඇති බවද වාර්තා වෙයි. මෙරට විශාලතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර පක්ෂ දෙකක් ලෙස පක්ෂයේ නායකයන් දෙදෙනෙකු තරඟ කිරීමෙන් තෙවන පාර්ශ්වයකට වාසිය යා හැකි බවට පක්‍ෂ දෙකේ නායකයන් දෙපළ වෙතම මොවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එම කාර්යයට බලපෑමක් කිරීමක් ලෙස මෙම විරෝධතාවයන් සංවිධානය කරමින් තිබීමද විශේෂත්වයක්. මෙලෙස සජිත් සහ රනිල් දෙපාර්ශවය එකට එක් වුවහොත් ජාතික ජන බලවේගයට පවතින සීමිත ඡන්ද පදනම තව දුරටත් ඛාදනය වනු ඇතැයි ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

Related posts

US envoy Stephen Biegun reveals North Korea nuclear pledge

Mohamed Dilsad

Principals and Teachers’ strike called off

Mohamed Dilsad

Shoot out between a group of deer hunters and STF in Udawalawe sanctuary

Mohamed Dilsad

Leave a Comment