Trending Newsවිදෙස්

අරාබි මුහුදේ කුණාටු අවධානමක්

අධික වර්ෂාව සහ කුණාටු සහිත සුළං හේතු­වෙන් අරාබි මුහුදේ ගැඹුරු පීඩන අව­පා­ත­යක් ඇති වී ඇතැයි ද, එය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වී රටට කඩා වදිනු ඇතැයි ද පාකි­ස්තා­නයේ කාල­ගුණ විද්‍යා ඒක­කය අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාල­ගුණ විද්‍යා ඒක­කය විසින් සිදු කරනු ලැබූ අන­තුරු ඇඟ­වී­මත් සමඟ ඊයේ (31) එරට විශා­ල­තම නග­රය වන කරච්චි නුවර සියලු පාසල් වසා දැමී­මට පිය­වර ගෙන ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මේ වන ­වි­ටත් කරච්චි නුවර ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට මිලි­මී­ටර් 147ක ධාරා­නි­පාත වර්ෂා­වක් ඇද හැලෙන බැවින් අරාබි මුහු­දට ආසන්න නග­ර­ව­ලින් දහස් සංඛ්‍යාත ජන­තාව ඉවත් කිරී­මට බල­ධා­රීන් තීර­ණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අරාබි මුහුදේ වර්ධ­නය වෙමින් පව­තින සුළි කුණා­ටුව පිළි­බඳ ඉන්දීය බල­ධා­රීන් ද දැඩි විම­සි­ල්ලෙන් පසු­වන බවත්, එරට ගුජ­රාට් ප්‍රාන්තයේ ඇතැම් පළා­ත්වල පාසල් වසා දැමී­මට පිය­වර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කර ඇත්තේ ගැඹුරු පීඩන අව­පා­තය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වී ඉදිරි දෙදින ඇතු­ළත අරාබි මුහුද හරහා වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. ඊයේ රාත්‍රි­යේදී පාකි­ස්තා­නය මෙන්ම ඉන්දි­යාව ද සුළි කුණා­ටුව සිය රට­වල ඇතැම් පළා­ත්ව­ලට කඩා වදිනු ඇතැයි අනා­වැකි පළ කර ඇතැයි ද වාර්තා වේ. ඊයේ උදෑ­සන වන විට ගුජ­රාට් ප්‍රාන්තයේ පළාත් කිහි­ප­ය­කට දැඩි වර්ෂා­ප­ත­න­යක් පැවැති බව ද වාර්තා වේ.

Related posts

ACMC Leader Rishad Bathiudeen left for Mecca

Mohamed Dilsad

චීනයටත් දැඩි උණුසුම් කාලගුණයක්

Mohamed Dilsad

India closely following recent political developments in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment