ප්‍රමුඛ පුවත 1

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල විවෘත කෙරේ

(උදයම්,කොළඹ)  – ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ(21) පස්වරුවේ විවෘතකෙරිණි.

වේරහැර ප්‍රදේශයේ අක්කර 15 ක භූමි භාගයක් පුරා ඉදිකර ඇති මෙම රෝහල විශේෂිත ශල්‍යාගාර 20 කින් ඇඳන් 814 කින් සහ අධිතාක්ෂණික උපකරණවලින් සහ පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් ලෙස ඉදිකර තිබේ.

රෝහල විවෘත කළ ජනාධිපතිතුමා එහි ශල්‍යාගාර නිරික්ෂණය කළ අතර ළමා වාට්ටුවේ සහ විශේෂ අමුත්තන්ගේ වාට්ටු සංකීර්ණයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

මේ අතර රෝහල් උද්‍යාන භූමියේ රඳවා ඇති ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා විසින් පරිහරණය කළ මෝටර් රථය ජනාධිපතිතුමාගේ උද්‍යෝගිමත් නිරීක්ෂණයට ලක්විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති අද්මිරාල් දයා සඳගිරි, උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ, විධායක අධ්‍යක්ෂ ජයන්ත බලවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සිසු රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා

Mohamed Dilsad

අකුරැස්සේ වෙඩි තැබීමක්.

Mohamed Dilsad

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment