Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වැඩබලන්න ලලිත් පතිනායක පත් කරයි.

(UTV | කොළඹ) –

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වැඩබලන පොලිස් පරිපාලන ධුරයේ කටයුතු කිරීම සඳහා පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන  අනිවාර්ය නිවාඩු යැවීමෙන් පුරප්පාඩු වූ ධූරයේ පරිපාලන කටයුතු තාවකාලිකව ඉටු කිරීම සඳහා සුදුසු නිලධාරියකු නිර්දේශ කර දන්වන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා දැනුවත් කළ ද ඉකුත් (29) වැනිදා තෙක් ඒ සදහා නිර්දේශයක් නොලැබුණු බව පොලිස් කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල අනුව, පොලිස්පති නිර්දේශයකින් තොරව නියෝජ්‍ය පොලිසිපති (පරිපාලන) සඳහා නීතිපති උපදෙස් අනුව මෙම පත්කරීම සිදුකර ඇත.

මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන ලලිත් පතිනායක එම, තනතුරේ සිටියදීම නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ධූරයේද වැඩබැලීම සඳහා පත්කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

Dar Al-Tawheed celebrates 75 years as Saudi Arabia’s first school

Mohamed Dilsad

Gmail மற்றும் Google drive ல் சிக்கல்…

Mohamed Dilsad

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

Leave a Comment