Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරිගේ පැමිණිලි දෙකක් දිසා අධිකරණයේ දී කැඳවීමට දින නියම කෙරේ

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ පැමිණිලි දෙකක් ලබන 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව ඔහු එම පැමිණිලි ගොනුකර තිබුණි.  මෙම පැමිණිලිවලට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද (16) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේය.

එහෙත් විනිසුරුවරයා දැනුම් දුන්නේ වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි. ඒ අනුව අදාළ ලේඛන ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් අධිකරණය නඩුව නැවත ලබන 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

Related posts

විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙසක්

Mohamed Dilsad

US assures support for UNHRC resolution

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

Leave a Comment