Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය.

තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන් වේ. මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය වේ. තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

Yala Block One closed from Sept. 02 to Oct. 31

Mohamed Dilsad

SCRM & UNICEF to discuss role of children in reconciliation

Mohamed Dilsad

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

Mohamed Dilsad

Leave a Comment