Trending Newsඑසැන පුවත්දේශීය

රැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

රැල්ලට යන දේශපාලනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරණියගල ආසන සමුළුව අමතමිනි.

යහපාලන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ බාර දුන්න රට නෙවෙයි ගෝඨාභය රාපක්ෂට ලැබුණේ. දේශපාලනය කරන අයටත්, ඒ ආණ්ඩුව නියෝජනය කරපු අයටත් ඒක අමතක වෙලා. ගම්වල පාරවල් හැදුවේ, මහින්දෝද්‍ය විද්‍යාගාර ගමට ගෙනාවේ, තාක්ෂණ පීඨය හඳුන්වා දුන්නේ, මේ සියල්ල කළේ මහින්ද රාජපක්ෂ යුගයේ. අද ඒ දේවල් බොහෝ දෙනෙකුට අමතක වෙලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විදුලිබල ප්‍රශ්නය, ඉන්දන ප්‍රශ්නය ඇතුළු, යම් යම් ගැටළුවලට මුහුණ දෙන්න වුණා. අපි රැල්ලට දේශපාලනය කරන අය නෙවෙයි. සමහරු කියනවා අපි නිර්පාක්ශික වෙලා කියලා, අපි නිර්පාක්ශික නැහැ. අපි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මේ රටට අහිතක් වන දෙයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට කරන්නෙත් නෑ කියන කාරණාව මතක් කරනවා. යැයි ද කීවෙය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැරණිගල ප්‍රධාන සංවිධායක සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ශාමින්ද මහතා සමුළුව සංවිධානය කර තිබිණ.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි,රාධිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එ සඳහා සහභාගී වූහ.

Related posts

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

Mohamed Dilsad

சிறை அருகே சசிகலா தரப்பு வாகனங்கள் மீது தாக்குதல்!… காவற்துறை தடியடி!

Mohamed Dilsad

Communications engineer arrested for financially assisting NTJ

Mohamed Dilsad

Leave a Comment