Trending Newsඑසැන පුවත්දේශීය

සිසුසැරිය බස් පන්සියයක් අලුතින් ධාවනයට

(UTV | කොළඹ) –

මේ වසර තුළ නව සිසුසැරිය බස් පන්සියයක් ආරම්භ කිරීම රජයේ අරමුණයි. ඒ සදහා රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනා ගමන කොමිෂන් සභා අරමුදලෙන් වෙන්කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

පාසල් දරුවන්ට මානසික හෝ ශාරීරික අපහසුතාවකින් තොරව නියමිත වේලාවට ආරක්ෂිතව පාසල් වෙත පැමිණීමටත් ආපසු යාමටත් හැකිවන පරිදියි සිසු සැරිය බස් සේවා ක්‍රියාත්මක වන්නේ. සහන ගාස්තු ක්‍රමයක් ද ක්‍රියාත්මකයි. 2005 ආරම්භ කළ සිසුසැරිය ව්‍යාපෘතිය යටතේ ලංගම සහ පෞද්ගලික බස් රථ මගින්ද සිසුන් ප්‍රවාහනය සිදුකෙරෙනවා. සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මේ වනවිට සිසුසැරිය බස් සේවා 1,538ක් ක්‍රියාත්මකයි. දිනකට සිසුන් ලක්ෂයකට පමණ එමගින් ප්‍රවාහන පහසුකම් සැපයෙනවා.

බස් ගාස්තුවෙන් අඩක් පමණයි සිසුන්ගෙන් අය කෙරෙන්නේ. ඉන් සිදුවන පාඩුව මගහැරවීමට කිලෝමීටරයකට රුපියල් 105ක් බැගින් දිනකට උපරිම කිලෝමීටර් 110ක් සදහා සහනාධාර ගෙවීම් සිදුකෙරෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම මත සිසුසැරිය සදහා ඉල්ලුම වැඩිවී තිබෙනවා. ඊට පිළියමක් ලෙසයි නව සිසුසැරිය සේවා 500ක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.

Related posts

பர்பசுவல் ட்ரசரீஸ் நிறுவனத்தின் அலுவலகத்தில் சோதனை

Mohamed Dilsad

Police opened fire at a van in Peelikada Junction in Kurunegala

Mohamed Dilsad

නියං සහිත කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

Mohamed Dilsad

Leave a Comment