Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණි. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවිය.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා මෙම පනත ප්‍රායෝගිකව යොදා ගත හැකි බවද සඳහන්.

Related posts

Prison Break Season 5 Spoiler Alert: Michael Scofield Back from Dead – [VIDEO]

Mohamed Dilsad

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

AG files revision against granting bail to Pujith and Hemasiri

Mohamed Dilsad

Leave a Comment