Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

(UTV | කොළඹ) –

2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන් වෙත සහනදායි පොළී අනුපාතයක් යටතේ “ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්” ආරම්භ කර ඇතැයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකුට රුපියල් මිලියන 50ක් ද වී ගබඩා හිමිකරුවකුට සහ වී තොග රැස් කරන්නෙකු හට රුපියල් මිලියන 25ක්ද වන පරිදි උපරිම ණය මුදලක් 13%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකි බව සඳහන්. ඉන් 9%ක් අදාළ ණය ඉල්ලුම්කරු විසින් දැරිය යුතු අතර ඉතිරි 4% පොළි සහනාධාරයකි.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල ශාකාවලින්, නිර්ණායක සපුරණ අය සඳහා ණය මුදල් ඉල්ලුම් කළ හැකි බවත්, එකී ණය මුදල් දින 180ක් ඇතුළත ගෙවා නිම කළ යුතු බවද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින්

Related posts

Saudi King replaces Military Chiefs in shake-up

Mohamed Dilsad

படைப்புழுவின் தாக்கத்தைக் கட்டுப்படுத்த விசேட வைரஸ்

Mohamed Dilsad

“Rub and Tug” scrapped after Scarlett Johansson exit

Mohamed Dilsad

Leave a Comment