Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයට

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 29 පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලුවා.

කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික සැදැහැවත් ජනතාව එක් වෙනවා.

පල්ලිය හා අවට පරිශ්‍රය තුළ එක් රැස් වන ජලය වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 06ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 02ක් ලබාදීමට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන පූජකතුමා වන ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත භාර දුන්නා.

එමෙන්ම මීගමුව මාර්ගයේ සිට සිද්ධස්ථානය දක්වා පැමිණෙන මාර්ගය ඉතා අබලන්ව තිබෙන අතර එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව එම අවස්ථාවේම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා අදාළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස දැනුම් දුන්නා.

එසේම මීගමුව කලාපයේ කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී පියතුමන්ලා සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා කතෝලික පාසල්වල මතුව ඇති ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළා.

Related posts

Australia fires: Hundreds evacuated from coastal blaze

Mohamed Dilsad

ஆசிரியர்கள், அதிபர்கள் சுகயீன விடுமுறைப் போராட்டத்திற்கு ஆயத்தம்

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන් බැලීමට යළි අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment