Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානයට

(UTV | කොළඹ) –

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ(27) පැවැත්වින.

මෙහිදි රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබඳව, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, නව පැකේජ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර සේවාවන් දියත් කිරිම, ‌සවස් කාලයේ ගාස්තුවලට යටතේව ලබාදෙනු ලබන විහේෂඥ වෛද්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිම, රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළිබදව විශේෂ අවධානය යොමු කෙරිණ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරින්ට උපදෙස් දෙමින් කියා සිටියේ රෝහලේ ඉහත අවශ්‍යතාවයන් පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරමින් එම සේවාවන් කඩිනමින් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

රෝහලේ දැක්මට අනුව වසර 2030 වනවිට දකුණු ආසියාවේ විශිෂ්ඨ ප්‍රමුඛතම තෘතියික සෞඛ්‍ය සත්කාරක සපයන්නා බවට රෝහල පත් කිරිමට සියළු කාර්ය මණ්ඩලය හා වෘත්තිය සමිති එක්ව සහයෝගය ලබාදෙන ලෙස සියළු කාර්ය මණ්ඩලවලින් ඉල්ලීමක් කළේය.

Related posts

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

Mohamed Dilsad

අද විදුලි කප්පාදු කරන කාලසටහන

Mohamed Dilsad

UNF recommends 5 Parliamentarians for Parliament Select Committee

Mohamed Dilsad

Leave a Comment