Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.

(UTV | කොළඹ) –

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා අද (20) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වූ වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවල සන්ධිස්ථාන තුනක් සනිටුහන් කර ගැනීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොළඹ සහ ත්‍රිකුණාමලය සෑම ආදර්ශ ගම්මානයකටම නිවාස 24 බැගින් ලබා දෙන ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර නුවරඑළිය සහ මාතලේ නිවාස 106 ක් සදහා වූ සමරු ඵලකය ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක්ව විවෘත කර තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ  අමාත්‍ය අලි සබ්රි යන මහත්වරු අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

නවවැනි පාර්ලිමේන්තුවේ 02 වන සැසිය අද ඇරඹෙයි [VIDEO]

Mohamed Dilsad

இலங்கையைச் சேர்ந்தவர்களுக்கு பாதிப்பில்லை-வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

Mohamed Dilsad

ශ්‍රීපාද වන්දනාවටත් එන්නත් කාඩ්පත

Mohamed Dilsad

Leave a Comment