විදෙස්

ෆේස්බුක් මගින් හානි වූ දරුවන් ඉදිරියේ සකර්බර්ග් ප්‍රසිද්ධියේ සමාව ගනී

(UTV | කොළඹ) –  දරුවන්ට සමාජ මාධ්‍ය මඟින් හානි සිදුවූ බව කියන පවුල්වලින් ප්‍රසිද්ධියේ සමාව අයදීමට ෆේස්බුක්, වට්ස් ඇප් සහ ඉන්සටර්ග්‍රෑම් ඇතුලත් මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් කටයුතු කර තිබේ.

ඒ, අමෙරිකානු සෙනට් සබාව හමුවේ පෙනී සිටිමින්.

තම දරුවන්ට සමාජ මාධ්‍ය හේතුවෙන් හානි සිදුවූ බවට අමෙරිකාවේ පුද්ගලයින් රැසක් ඉකුත් දිනවල දැඩි විරෝධයක් එල්ල කර තිබුණි.

ඒ සම්බන්දයෙන් කරුණු විමසීමටයි මාර්ක් සකර්බර්ග් අමෙරිකානු සෙනට් මන්ඩලය හමුවට කැඳවා තිබුණේ.

ඔහුට අමතරව ටික්ටොක්, ස්නැප්, ඩිස්කෝඩ් මෙන්ම මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ දැන් එක්ස් ලෙස හඳුන්වන සමාගම්වල ප්‍රධානීන් ද මේ සඳහා කැදවා තිබුණි.

එහි ප්‍රධාන අරමුණ වූයේ අන්තර්ජාලය හරහා ළමුන් ආරක්ෂා කිරීමට ඔවුන් සිදුකරන කාර්යය කුමක්දැයි ප්‍රශ්ණ කිරීමයි.

ෆේස්බුක් මෙන්ම ටික්ටොක් ප්‍රධානීන් ඊට ස්වේචඡාවෙන් ඉදිරිපත්ව තිබූ අතර සෙසු ආයතන ප්‍රධානීන් ඊට එක්ව තිබුණේ අමෙරිකානු රජයේ දැනුම්දීම අනුවය.

එහිදී සමාජ මාධ්‍ය අන්තර්ගතයන්හි ප්‍රතිඵලයක් ලෙස තම දරුවන්ට හානි සිදුවූ බව හා දිවි නසාගත් බව පැවසූ පවුල්වල සාමාජිකයින් ඉදිරිපිට මෙම ප්‍රශ්ණ කිරීම සිදුවුණි.

එහිදී මාර්ක් සකර්බර්ග් විසින් එම පවුල්වලින් සාමාජිකයින් වෙත හැරී අදාළ සිදුවීම් සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී සිදුවූ විශේෂත්වයක් වන්නේ ටික්ටොක් ප්‍රධානී විසින් තමාගේ දරුවන් ටික්ටොක් භාවිත නොකරන බව පිළිගැනීමයි.

 

Related posts

ප්‍රංශයේ ගංවතුරට කොටු වූ 1600ක් බේරා ගැනේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

Mohamed Dilsad

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment