දේශීය

අද රාත්‍රියේ නිට්ටඹුවෙන් වැසෙන කොළඹ – නුවර මාර්ගය

(UTV | කොළඹ) – නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් අද(27) රාත්‍රියේ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙයි.

පොලිසිය පැවසුවේ, අද රාත්‍රී 7 සිට රාත්‍රි 8.30 දක්වා පෙරහැර පැවැත්වීමට නියමිත බවයි.

පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පෙරහැර නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කරන කාලය තුළ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මංතීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මංතීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව වනු ඇති.

ගමනාගමනය සීමා කරන කාලය තුළ කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියැදුරන්ට සහ මහජනතාව විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටී.

Related posts

ඉහළ කොත්මලේ ජලාශයේ තරුණයෙකුගේ මළ සිරුරක්

Mohamed Dilsad

LTTE ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment