විදෙස්

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

(UTV | කොළඹ) –බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

Mohamed Dilsad

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

රුසියානු ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ 10 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment