දේශීය

අඩු මිලට කුළු බඩු ගන්න පුළුවන් අවස්ථාවක්

(UTV | කොළඹ) –  ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

වෙළෙඳපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුනත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ ඇති කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන  මිල අයුතු ලෙස ඉහළ දමා නැති බව කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනී ගුණසේකර මහත්මිය පැවසුවාය.

කෘෂිකර්ම හා  වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල  කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයකටද සහභාගී වූ අතර මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම  සම්බන්ධයෙන් එම මණ්ඩලයේ කළමනාකාරීත්වයට කෘතඥතාවය පළ කළේය.

Related posts

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන අවධිමත් ස්ථානමාරු ගැන සමගි ජනබලවේගය අවධානයෙන්

Editor O

මීගමුව බන්ධනාරයේ රැදවියන් 175 කට නිදහස

Mohamed Dilsad

පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නැති බව ඇමති පිළිගනී

Mohamed Dilsad

Leave a Comment