Trending News

ආබාධිත වූ සියලූ රණවිරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බව ජනපති කියයි

(උදයම්,කොළඹ)  – විවේචකයින් කුමක් පැවසුවද ජාතික ආරක්ෂාව පිළිබද දරන්නා වූ වගකීම්වලදී ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.

වසර 30 කට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ සියලූ රණවිරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කරනවා සේම රටේ අනාගතය සදහා අද සේවයේ යෙදී සිටින ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් නව තාක්ෂණය සමග ඉහළ ගුණාත්මක සේවාවක් සදහා ඉදිරියට ගෙන යාමේ වගකීම ද ඉටු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ගෙවී ගිය වසර දෙක හමාරක කාලය තුළ රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය නව වැඩසටහන් රැුසක් දියත් කළ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා රණවිරු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට කි‍්‍රයාත්මක කර තිබෙන බව ද කියා සිටියේය.ජාතික ආරක්ෂාව පිළිබද පමණක් නොව මත්ද්‍රව්‍ය මර්දනය ඇතුළු ජාතික වැඩසටහන්වලදීද, සංවර්ධන වැඩපිළිවෙලේදී සහ සමාජ සුබසාධනයේ දී ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් ලබා දෙන දායකත්වය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු සහ රණවිරු පවුල්වල සාමාජිකයින් මීට එක්ව සිටියහ.

Related posts

Five Indian trawlers handed over to India [VIDEO]

Mohamed Dilsad

இரத்தினபுரி மாவட்டத்திற்கான அனர்த்த ஒருங்கிணைப்பு அமைப்பாளராக – அமைச்சர் றிசாட்

Mohamed Dilsad

பாராளுமன்றம் நாளை கூடவுள்ளது

Mohamed Dilsad

Leave a Comment