දේශීය

හරක් කටා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (06) නියෝග කළේය.

 

අභියාචනාධිකරණය නියෝග කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් එසේ කරන ලෙසට ය.

 

හරක් කටා නමැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

Related posts

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

Editor O

20ට එරෙහි පෙත්සම් 39 වෙයි

Mohamed Dilsad

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීමෙන් 4ක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment