දේශීය

බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට

බන්ධනාගාර රැඳවියෙකු එහි තවත් රැඳවියන් පිරිසකගේ පහරකෑමට ලක්වී මියගොස් ඇත.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි එස්. තුරෙයිරාසා නමැති අයෙක් වන අතර මඩකලපුව බන්ධනාගාරයේදී සිද්ධිය ඇතිවී තිබේ.

 

නීතිවිරෝධී මත්පැන් නඩුවකට අදාළව අධිකරණය මගහැරීම හේතුවෙන් වරෙන්තු ලැබ සිටි මියගිය පුද්ගලයා කොක්කඩිචෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

 

ඔහු එහි සිරමැදිරියක රඳවා සිටියදී එහි සිටි සෙසු රැඳවියන් 8දෙනා සමග ගැටුමක් ඇති කරගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

 

එහිදී සෙසු රැඳවියන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ අදාළ රැඳවියාව බන්ධනාගාර නිලධාරීන් විසින් මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.

 

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රැඳවියා මියගොස් ඇත.

 

මෙම මරණය සම්බන්ධයෙන් මඩකලපුව රෝහලේදී පසුගිය 30 වනදා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මෙය මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බවට එහිදී තහවුරුවූ බව පොලීසිය පවසයි.

 

මෙම පහරදීම සිදුකළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරියේදී අධිකරණ නියෝගයක් ලබාගෙන මියගිය රැඳවියා සමග සිරමැදිරියේ සිටි රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

Related posts

සෙව්වන්දි ඉන්දියාවට පළාගිය බෝට්ටුව හමුවෙයි

Editor O

වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

Mohamed Dilsad

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

Leave a Comment