දේශීය

කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් 35ක් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

 

ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වීසා නොමැතිව රැදීසිටි ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

 

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට යොමුකර ඇති බව සඳහන්ය.

Related posts

පැය 24 ක් තුළදී රිය අනතුරුවලින් 12 ක් මරුට

Mohamed Dilsad

දිවයින පුරා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ස්ථාන 2000ක්

Mohamed Dilsad

දිවයිනේ සියලුම ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර ද්‍රව්‍ය

Mohamed Dilsad

Leave a Comment