විදෙස්

ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

 

සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් මේ වන විට ඊශ්‍රායල වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන හමුවෙන් පසු මස්ක් එරට ජනාධිපති අයිසැක් හර්සොග් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 

සමාජ මාධ්‍ය තුළ යුදෙව් විරෝධී වෛරය උත්සන්න කරනු ලබන ක්‍රියාකාරකම් සහ සටහන් පළවීම් සම්බන්ධයෙන් මෙහිදී ඊලොන් මස්ක් විසින් ඊශ්‍රායල බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇමෙරිකානු කලාපය කොරෝනා පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

Mohamed Dilsad

දීවාලි වලට පෙර දිල්ලි නුවර වායු දුෂණය ඉහළට

Mohamed Dilsad

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

Editor O

Leave a Comment