දේශීය

විහාරමහාදේවී උද්‍යානය කොළඹ මහා නගර සභාවට

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

කොළඹ නගර සභාව සතුව පැවති විහාර මහා දේවී උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනු ලැබීය.

 

සංවර්ධන කටයුතු සදහා පවරා ගනු ලැබූ අදාළ උද්‍යානය එම කටයුතුවලින් අනතුරුව යළි කොළඹ මහ නගර සභාවට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

 

ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය අයත් අක්කර 54ක විශාලත්වයකින් යුත් භූමි ප්‍රදේශය කොළඹ මහ නගර සභාවට යළි හිමිව ඇත.

Related posts

පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි

Mohamed Dilsad

හැඳුනුම්පත් අංකයට අනුව බැහැරව නොයන අය අල්ලන්න සිවිල් නිළධාරීන්

Mohamed Dilsad

ලබන වසරේ ජනසංගණනයක්

Mohamed Dilsad

Leave a Comment