දේශීය

මන්ත්‍රීවරුන්ගේ විනය ගැන බලන්න නව පනතක් ළඟදීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, යම් මන්ත්‍රීවරයෙකු සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන්නේ නම් එම නියෝජිතයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරිම හැකි ප්‍රතිපාදන එම පනතට ඇතුළත් කර ඇති බවය.

 

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

 

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්මය පිළිබඳව සහ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට විශාල විවේචනයක් තියෙනවා. ඒක සාධාරණ විවේචනයක්. පහුගිය කාලය පුරාවට එම වගකීම මන්ත්‍රීවරු ඉෂ්ඨ නොකිරීම නිසා නොයෙකුත් පියවර අපි අරගෙන තියෙනවා. ඒ අතරට අපි ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්. පාර්ලිමේන්තුවට අලුතින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳව පනතක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන විදියට කටයුතු කරනවා නම් සහ නීතිවිරෝධී යම්දෙයක් කරලා තියෙනවා නම් ස්වාධීනව පත්කරන කමිටුවක් මඟින් එම මන්ත්‍රීවරයාට දඬුවම් නියම කරන්න. විශේෂයෙන්ම මන්ත්‍රී ධුරය අහෝසි වෙන විදියට තමා අපි ඒ පනත් කෙටුම්පතට පනත් ඇතුළත් කරලා තියෙන්නේ.”

 

Related posts

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරය – සජීවි විකාශය දැන් නරඹන්න

Mohamed Dilsad

ජාතික සභා යෝජනා විවාදය අද

Mohamed Dilsad

Leave a Comment