දේශීය

සැකකටයුතු මරණයක්

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇත.

 

කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

 

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරිය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ශවේන්ද්‍ර ඇතුළු 4කට, බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ආණ්ඩුවේ ස්ථාවරය අද හවසට

Editor O

ලබන සතියේ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව දිවයිනට

Mohamed Dilsad

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment