දේශීය

දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයි

දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී තිබේ.

 

ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇත.

 

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

 

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී ඇති බව නොදුටු දුම්රිය රියදුරා දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී දුම්රිය සිරවී ඇති බවද වාර්තා වෙයි.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට [RELEASE]

Mohamed Dilsad

සීදුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පිළිබඳ වාර්තාවක්

Editor O

Leave a Comment