දේශීය

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්‍ෂේප කළ අමු ආහාර සැපයුම්කරුවෙක් පිළිබඳව අනාවරණය වී තිබේ.

 

බංකලොත් බව ප්‍රකාශ කරමින් අදාළ සැපයුම්කරු විසින් එලෙස මුදල් ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.

 

නමුත් ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් ලෙස කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය විය.

 

ප්‍රසම්පාදන කමිටුවේ තීරණය නියමිත පරිදි ගිවිසුම් කොන්දේසිවලට ඇතුළත් නොකිරීම නිසා අදාළ සැපයුම්කරුගෙන් එම හිඟ මුදල් ලබාගැනීම ගැටලුකාරීවී ඇති බව විගණන නිලධාරීන් පැවසීය.

 

කෙසේවෙතත් බංකලොත් බව ප්‍රකශ කළ සැපයුම්කරුවෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයක සැපයුම්කරුවෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇත්තේ කෙසේද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

 

තවදුරටත් අදාළ හිඟ මුදල් නොගෙවූ සැපයුම්කරුවන් ආරක්ෂා නොකොට ඔවුන්ගෙන් අය වියයුතු හිඟ මුදල් කඩිනමින් අය කරගැනීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අනුකාරක සභාව සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

 

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් මෙම අනුකාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Related posts

බස්නාහිර පළාතේ පෙර පාසල්වලට දේශපාලනය : සමන්මලීටත් ලොකු චෝදනාවක්…!

Editor O

පළාත් රැසක දහම් පාසල් ඇරඹේ

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන 1900 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment