දේශීය

ONMAX DT ලොක්කන්ට ඇප

පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබේ.

 

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.

 

නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කළ යුතු බවටත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

Related posts

නියිජීරියාවේ අයිඑස්අයිඑස් ඉළක්ක වෙත ඇමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

Editor O

ශ්‍රී ලංකාවට නිවැරැදි දේශපාලන නායකත්වයක් නැහැ – ඉන්දියාවේ විදේශ ඇමති

Editor O

අනුර දිසානායක ඇතුළු තිදෙනෙකු පිළිබඳව අධිකරණයට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment