දේශීය

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ.

 

1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය විසින් ගනු ලැබූ තීරණයකට අනුව සෑම වසරකම දෙසැම්බර් මස 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබයි.

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

මානව අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් හඳුන්වා දෙමින් දේශපාලන සංස්කෘතික හා මානව හිමිකම් රාමුවක් තුළ පුද්ගලයින්ගේ අයිතීන් සුරැකෙන්නේ කෙසේද යන්න පහදා දීම එම වැඩසටහන්වල අරමුණ වේ.

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව මෙරට තුළ ද මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

Related posts

වෛද්‍ය බෙල්ලන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් දී පිටව යයි

Editor O

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment