දේශීය

අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

 

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදීය.

 

කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් එහි තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇත.

 

වැඩිදුරටත් වාර්තා වෙන්නේ එම මත්ද්‍රව්‍ය අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් පැමිණෙන්නට ඇති බවය.

 

සීදුව ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ නිෂ්කාසන ආයතනයක් වෙත එවා තිබූ එම පාර්සල තුළ කුෂ් නමැති ගංජා කිලෝග්‍රෑම් 08ක්, මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටසි මත්පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් තිබී ඇත.

 

කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කිහිපයක් වෙත කුරියර් කිරීම සඳහා එම පාර්සල් එවා තිබේ.

 

දැනට ගණන් බලා ඇත්තේ එහි වටිනාකම රුපියල් කෝටි 06ක් පමණ වන බවටය.

 

මෙම පාර්සල්වල සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණයවීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂාකර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබුණි.

 

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.

 

Related posts

සැප විඳින 13 වෙනි මාසේ ලබද්දි, ඉස්පිරිතාලේ 25%ක් අතවශ්‍ය ඖෂධ නෑ…! – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න

Editor O

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 123,000ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාස පහකින් කරන්න බැරි දේ ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment