දේශීය

වැරදිවලට රියදුරන්ගේ ලකුණු කැපෙන ක්‍රමවේදයක්

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,

 

“මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවෙනවා. ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම. වැඩි දවසක් යන්න කලින් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Editor O

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

Mohamed Dilsad

පාකිස්තානු ජාතිකයන් 43 ක් මෙරටින් පිටුවහල් කරයි

Mohamed Dilsad

Leave a Comment