දේශීය

හන්තානේ අතරමං වූ සිසුන් මුදා ගැනේ

හන්තාන කඳුවැටිට තරණය කිරීමට ගොස් අතරමං ව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිස මුදාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

 

විශ්වවිද්‍යාල සිසුන් 181 දෙනෙකු ඊයේ (02) දිනයේ පේරාදෙණිය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇත.

 

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නැවත පැමිණීමේ දී සිසුන්ට මාර්ගය සොයාගැනීමට නොහැකි ව අතරමං ව සිටින බවට මහනුවර පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.

 

රාගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියන් 120 දෙනෙකු සහ සිසුන් 61 දෙනෙකු එලෙස අතරමං ව ඇත.

 

සිසුන් මුදාගැනීමට මහනුවර පොලීසියේ නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලීසිය සඳහන් කළේය.

Related posts

හෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

බස් රථ ඇප් එක අද එළිදකියි

Mohamed Dilsad

Leave a Comment