දේශීය

වැලිකන්දේ දී බස් රථයක් පෙරළෙයි

වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය පැවසුවේ, වැලිකන්ද සිංහපුර මාර්ගයේ කිලෝ මීටර් 8 කණුව ප්‍රදේශයේ දී බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කිරීමට නොහැකිවීමෙන් එම අනතුර සිදුව ඇති බවය.

 

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්ය.

 

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආයතනය සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

 

තුවාල ලැබු පුද්ගලයින් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබේ.

Related posts

නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

Editor O

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

Mohamed Dilsad

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

Mohamed Dilsad

Leave a Comment