දේශීය

තවත් සැකකටයුතු මරණයක්

පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

ඊයේ (12) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

 

මරණකරු වයස අවුරුදු 38ක් වූ කෝන්කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පසුගිය 11 වනදා සවස් කාලයේ මරණකරු බීමත්ව වෙළෙඳසැල පිහිටි ස්ථානයට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් සමග ඇති කරගත් සිදුවීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

ඒ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබේ.

 

සැකකරුවන් අවුරුදු 23, 55 හා 57 යන වයස්වල පසුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

මෘත ශරීරය ඇඹිලිපියිට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පනාමුර පොලිස් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක්

Editor O

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට‍

Mohamed Dilsad

Leave a Comment