දේශීය

වව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

වව්නියාව උතුර ප්‍රදේශයේ පිහිටි වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් විසින් හානි කිරීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබාදී තිබේ.

 

ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (30) කැඳවූ අවස්ථාවේ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට කාලය ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

 

මෑතකදී අදාළ විහාරස්ථානයට කඩා වැදුණු කිසියම් පිරිසක් විහාරස්ථානයේ දේපොළවලට අලාභහානි සිදුකර එහි ශිව ලිංගයක් තැන්පත් කර තිබුණි.

 

මෙමඟින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත වඩුනාගල රජමහා විහාරස්ථානයේ ගෞරවනීයභාවයට සහ පූජනීයත්වයට හානි සිදුවූ බව පෙත්සම්කරුවන් පවසයි.

 

එබැවින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවටත් උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමේ වැඩපිළී‍වෙළක් සකස් කරන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

 

පෙත්සම ලබන වසරේ මැයි මස 25 වනදා යළි කැදවීමට නියමිතය.

Related posts

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට දෙන්න – විපක්ෂ නායක සජිත්, කොරියානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි.

Editor O

Leave a Comment