විදෙස්

ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යථාතත්ත්වයට

ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබේ.

 

පසුගිය සිකුරාදා දිනයේ සිට සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් සිදුවී තිබූ අතර මේ හේතුවෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත්වී සිටින ගාසා තීරයේ ජනතාවට බාහිර ලෝකය සමග තිබූ සබඳතාවන් ගිලිහී ගොස් තිබුණි.

 

කෙසේවෙතත් මේ වනවිට ගාසා තීරයේ බොහෝ ප්‍රදේශවල දුරකථන හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර ඇති බව පලස්තීන බලධාරීන් සඳහන් කර ඇත.

 

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෙට (30) දිනයේ යළි රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර පුළුල් කිරීමේ පියවර සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉල්ලීමක් මත එලෙස ආරක්ෂක කවුන්සිල රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.

Related posts

නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

Mohamed Dilsad

රත්‍රං නිධානයක් හමුවෙයි.

Editor O

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවේ

Mohamed Dilsad

Leave a Comment