දේශීය

කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයි

කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, කිරිඳිවැල පොලිස් ස්ථානයට මේ පිළිබඳ ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

 

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 35ක් වන කාන්තාවකි.

 

මියගිය කාන්තාව සිය දරුවා, ඇයගේ ස්වාමිපුර්ෂයාගේ මව සහ පියා සමග එම නිවෙස් පදිංචිව සිට ඇත.

 

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදෙස්ගත වූ අයෙක් බව ද වාර්තා වේ.

 

මියගිය කාන්තාව නිවසේ තුළ තනිව සිටින අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

 

ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Related posts

හෙට විශේෂ පෙරහුරු මැතිවරණයක්

Mohamed Dilsad

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 13 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

මෙරට මිට්සුබිෂී වාහනහිමියන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment