දේශීය

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් මගින් ලබාගැනීමට අද අධිකරණය අවසර ලබා දී තිබේ.

 

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

 

ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර හිමිවනු ඇත.

Related posts

කතානායක ධූරයට විපක්ෂයෙන් නමක්

Editor O

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදනය වූවන් හය ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment