Trending News

පොලීසිය සමඟ පොරබැදීමකින් ඝාතනයකට සම්බන්ධ සැකකරු ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණ සිදුකළ ඝාතනයකට සම්බන්ධව පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට මරණකරු සම්බන්ධ බව පොලීසිය වාර්තා කර තිබුණි.

 

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලීසිය මඟින් අවිස්සාවේල්ල පොලීසියට භාරදී ඇති බව සඳහන්ය.

 

පසුව දින තුනක රැඳවුම් නියෝග සහිතව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් සැකකරුගේ ප්‍රකාශ මත නඩු භාණ්ඩ සෙවීම සඳහා සැකකරු සමග අවිස්සාවේල්ල ප්‍රදේශයට අද (15) අලුයම ගොස් ඇත.

 

අවිස්සාවේල්ල පොලිස් වසමේ මානියම්ගම්‍, ඇත්පන්තිය පාර ප්‍රදේශයට සැකකරුව පොලීසිය විසින් රැගෙන ගොස් ඇති අතර, එහිදී සැකකරු හා පොලීසිය අතර පොරබැදීමක් සිදුවූ බව වාර්තා වේ.

 

එහිදී සැකකරු විසින් ඔහුගේ දෑතේ බැඳි මාංචු මඟින් එක් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිරකර ඔහුව ඝාතනය කිරීමට උත්සාහ දරා ඇත.

 

පසුව පොලිස් නිලධාරීන් විසින් එය වැළැක්වීමට උත්සාහ කර ඇති අතර, එහිදී සැකකරු බරපතළ තුවාල ලබා ඇත.

 

තුවාල ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති නමුත්, එහිදී ඔහු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

Related posts

வாக்கு சீட்டுக்களை அச்சிடும் பணிகள் – 4 நாட்களில் நிறைவு

Mohamed Dilsad

அரிசியின் விலையைக் குறைப்பதற்கு நடவடிக்கை

Mohamed Dilsad

முன்னாள் ஜனாதிபதி காலை எழுந்தவுடன் செய்ய வேண்டிய வேலைகள் இதுவே..

Mohamed Dilsad

Leave a Comment