දේශීය

ජනක රත්නායකට තර්ජන කළ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

දුරකථනයෙන් මරණ තර්ජනය කර ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කිරුළපන පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබීය.

 

ඒ අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට නේවාසික පහසුකම් ලබාදුන් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38 සහ 40 යන වයස් වල පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

බස්නාහිර පාසල්වල ශ්‍රේණි තුනක් ඇරඹේ

Mohamed Dilsad

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අඩු ආදායම්ලාභීන්ට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment