දේශීය

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනය පවසයි.

 

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කළේය.

 

ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන අතර පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතී.

 

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

 

Related posts

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ – ලංවිම

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරට ඇප

Mohamed Dilsad

Leave a Comment