දේශීය

අස්වැසුම ගෙවීම් සිදුවන හැටි

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් අද (01) සිට ආරම්භ කරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ නොවැම්බර් මස 06 වනදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවය.

 

“දැනට අපි ගෙවීම් කරලා තියෙන්නේ, ජූලි මාසයට අදාළව. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශය, මහ භාණ්ඩාගාරය විසින් බැංකු වෙත ප්‍රතිලාභීන් 1,365,000ක් සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදෙන්න කටයුතු කළා. ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා අද සිට ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසය තුළම තවත් ගෙවීමක් කරන්න. ඒ ගෙවීම කරන්නේ සැප්තැම්බර් මාසයට අදාළව. මේ 1,365,000ක ප්‍රමාණය බොහෝ වෙලාවට ඊට වඩා වැඩි පවුල් සංඛ්‍යාවක් බවට පත්වෙයි. මොකද අපි දැනට අභියාචනා සහ විරෝධතා ඇවිල්ලා, ඒ වගේම හැඳුනුම්පත්වල තියෙන ගැටලු, එහෙම නැත්නම් බැංකුවල තියෙන ගැටලු නිරාකරණය වෙන සෑම ප්‍රතිලාභියෙකුටම මේ ගෙවීම් සිදුකරන්න නියමිතයි. ඒ අනුව මේ අවුරුද්ද අවසාන වෙද්දි ජූලි සිට දෙසැම්බර් දක්වා සියලු ගෙවීම් සිදුකර අවසන්.”

Related posts

රාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙයි.

Editor O

බෙනඩික් පාප් වහන්සේගේ ස්වර්ගස්ථය වෙනුවෙන් සොව පළකෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment