දේශීය

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.

 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

මහමග කෙළ ගැසුවොත් පොලිස් කූඩුවට

Mohamed Dilsad

දැරියන් පළා ගිය ළමා නිවාසය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment