දේශීය

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

දින දෙකක් තුළ පමණක් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

 

මහජනතාවගෙන් ලද පැමිණිලි මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රජයේ ඉහළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්ය.

 

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් නිලධාරීන් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

 

විශේෂයෙන් ගැටලු සාකච්ඡා කිරීමට කාලවේලාව ප්‍රමාණවත් නොවීම මත නොයෙකුත් දුෂ්කරතාවන්ට තමන් මුහුණදෙන බවද මහජනතාව විසින් පැමිණිලි කර තිබේ.

 

ඒ අනුව ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලබන රැස්වීම් සතියේ අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙක තුළ පමණක් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

මෙම චක්‍රලේඛයට අනුව එම කටයුතු පසුගිය 19 වනදා සිට ක්‍රියාත්මක වන බවද සඳහන්ය.

Related posts

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

හෙට මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

Mohamed Dilsad

විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවා

Mohamed Dilsad

Leave a Comment