දේශීය

තවත් දිස්ත්‍රික්කයක රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේය.

 

ඒ අනුව අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.

 

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යංශයට බාරදෙන ලෙස දන්වයි.

Editor O

ඩොලරයේ අද මිල

Editor O

මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ගත් ණය ගෙවීමේ අර්බුදයක…!

Editor O

Leave a Comment