දේශීය

තෙල් සංස්ථාවේ ලොක්කො ගොඩක් රට ගිහින්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ.

 

ඒ අනුව අලෙවි සහ මුල්‍ය අංශ සේවය කළ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු පසුගිය කාලය තුළ සේවයෙන් ඉවත්වී ඇත.

 

ඉන් බහුතරයක් වෙනත් රැකියා සඳහා විදේශ ගත වී ඇති බව සඳහන්ය.

 

මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිපාලන ව්‍යුහයට යම් බලපෑමක් එල්ල කර තිබේ.

 

කෙසේවෙතත් පුරප්පාඩු වු අදාළ තනතුරු සඳහා මේ වන විට වෙනත් නිලධාරීන් පත්කර ඇති නමුත් සේවයෙන් ඉවත්ව ඇත්තේ දීර්ඝ කාලයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ ඉහළ පෙළේ නිලධාරීන් බව වාර්තා වේ.

 

එමෙන්ම පසුගිය දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ද පෞද්ගලික හේතූන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වුණි.

 

කෙසේවෙතත් එහි සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කරනු ලැබීය.

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වයේ ප්‍රධාන තනතුරු දැරු කිහිපදෙනෙකු ඉන් ඉවත් වීම එහි අභ්‍යන්තර පරිපාලනයේ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි වියත්මග වියතුන්ට ඉල්ලීමක්[PHOTOS]

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 6 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්

Editor O

Leave a Comment