දේශීය

කන්කසන්තුරේ වරායට එන ඉන්දීය මගී යාත්‍රාව ගැන දැනුම්දීමක්

ඉන්දියාවේ නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරාය වෙත අද (10) දිනයේ පැමිණීමට නියමිතව තිබූ මගී යාත්‍රාව නොවැළැක්විය හේතුවක් නිසා නොපැමිණෙන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

 

අදාළ මගී සේවාව අද දිනයේ සිට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

 

කෙසේවෙතත් එම යාත්‍රාව නොවැළැක්විය හැකි තාක්ෂණික හේතුවක් මත අද දිනයේ නොපැමිණෙන අතර එය ලබන බ්‍රහස්පතින්දා දිනයේ පැමිණිමට නියමිතව තිබේ.

 

මේ අතර මේ වසරේ පළමු මාස 08 තුළ ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් රුපියල් බිලියන 22ක ලාභයක් ලබාගෙන ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

ඉන් රුපියල් බිලියන 10ක මුදලක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවයි. වැය වූ මූලික වියදම ලබාදෙන ලෙස අදානි සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.

Editor O

Leave a Comment